මහින්දානන්ද සහ දුමින්ද සිටින වාට්ටුවේ දුරකථන ඇතුළු උපාංග තොගයක්.!

හිටපු අමාත්‍යවරුන් පිරිසක් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාර වාට්ටුවක සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකථන ඇතුළු උපාංග තොගයක් සොයා ගෙන ඇත.

මේ වනවිට එම වාට්ටුවේ හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලීන් ප්‍රනාන්දු, එස්.එම් රංජිත් සහ දුමින්ද සිල්වා යන අය රඳවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ස්මාර්ට් ජංගම දුරකථන, දුරකථන චාඡර්, ජංගම දුරකථන ඇතුළු උපාංග සොයාගත් භාණ්ඩ අතරට ඇතුළත් වන අතර එම ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2 Comments
Most Voted
Newest Oldest