ඉන්දියා – බංග්ලාදේශ ගැටුම උඩු දුවයි.. ICC නියෝජිතයාට වීසා නොදෙයි.!

බංග්ලාදේශයට පැමිණෙන ICC නියෝජිතයාට වීසා ලබා නොදීමට බංග්ලාදේශය තීරණය කර ඇත.

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ තරග ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය ගැන සාකච්ඡා කිරීම සඳහා ICC නියෝජිතයා බංග්ලාදේශයට පැමිණීමට තීරණය කර ඇත.

එහෙත් ICC දූෂණ විරෝධී සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ඇන්ඩෲ එෆ්. ග්‍රේඩ් අද (17) දින ඩකා නුවරට පැමිණීමට නියමිත බව බංග්ලාදේශ ක්‍රිකට් සභාපති අමිනුල් ඉස්ලාම් බුල්බුල් සඳහන් කරයි.