කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය, සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දිනේෂ් නිශාන්ත කුමාර හෙවත් ගම්පහ බබා අධිකරණයට ඉදිරිපත් කළේය.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දිනේෂ් නිශාන්ත කුමාර හෙවත් ගම්පහ බබා ලබන (28) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන, ඉෂාරා සෙව්වන්දි සමග සිටියදී නේපාලයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව දින 90ක රැඳවුම් නියෝග මත පෑලියගොඩ පොලීසිය භාරයේ රඳවා සැකකරුගෙන් ප්‍රශ්න කර ඇත.
