මෙරට සියලුම ගොවීන් ලියාපදිංචි කිරීමේ වැඩපිලිවෙලක් අද (16) දින ආරම්භ වන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග සඳහන් කරයි.
ඒ අනුව WWW.FAMERNET.LK වෙබ් අඩවියට පිවිසීමෙන් ලියාපදිංචි වීම සිදු කළ හැකි බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග සඳහන් කරයි.
ඒ සඳහා අවශ්‍ය සහය ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හා කෘෂිකර්ම නිෂ්පාදන හා පර්යේෂණ සහයක නිලධාරීන් මාර්ගයෙන් ලබාගත හැකි බවද කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග සඳහන් කරයි.
