යාපනය පලාලි ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටිනා ජනපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුගේ පමණක් ආරක්ෂාව යටතේ එම ප්‍රදේශයේ මහා මාර්ගයක ඇවිද යමින් ව්‍යායාමය නිරත වන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි අවධානයට ලක්ව තිබේ.
ජනාධිපතිවරයා සැහැල්ලු ඇඳුමකින් සැරසී මහා මාර්ගය ඔස්සේ ඇවිද යන ආකාරයත් හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ තවත් එක් පුද්ගලයෙක් පමණක් ජනපතිවරයා සමග ගමන් ගන්නා ආකාරයත් එම වීඩියෝවේ දැක්වෙයි. ඒ අතරින් ගිනි අවියක් අතැතිව පවතින්නේ එක් හමුදා නිලධාරියෙක් අත පමණි.
එහිදී මාර්ගය අසල සිටි පුද්ගලයෙකු ජනාධිපතිවරයාට “Good Morning” සර් යනුවෙන් පවසමින් සුබ පතා ඇති අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා දෙමළ භාෂාවෙන් “නාන් පෝයිට්ටු වාරේන්” යනුවෙන් පවසන ආකාරයේ වීඩියෝවේ දක්නට ලැබෙයි.
