ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු හා වංචා කිරීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ කාන්තාවක් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් රැගෙන ඒමට කාන්තා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු නිලධාරීන් 6 දෙනෙකු ඩුබායි රාජ්‍ය බලා මේ වනවිට පිටව ගොස් ඇති බව වාර්තා වේ.
හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට කඳානේදී වෙඩිතැබීමේ සිද්ධිය මෙහෙයවූ රංජිත් කුමාර හෙවත් කොණ්ඩ රංජි නම් අපරාධකරුගේ ප්‍රධානතම ගෝලයා වන චූටි මල්ලී නැමැත්තා එම පිරිස අතර සිටින බව වාර්තා වේ.
තවද ඇල්පිටියේ සිදු වූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ ඌරගත ඉන්දික නම් අපරාධකරුගේ සමීපතමයෙක් වන රවීන් චමින්ද වීරසිංහ හෙවත් පුංචා නම් අපරාධකරු එම පිරිස අතර සිටින බව පොලීසිය සඳහන් කරයි.
මෙරට තුළ සිදුකළ වංචා සිද්ධීන් රැසකට පොලිසියට අවශ්‍යව සිටින සැකකාරියක් ද ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇත.
