Apple පසුකරමින් Google සමාගම තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමට.!

Alphabet සමාගම ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට (12) දින ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම මෙලෙස ඉහළ මට්ටමකට ළඟා වූයේ මේ වසරේ මේ දක්වා සිය කොටසක වටිනාකම 6% කින් ඉහළ යාම හේතුවෙනි.

Nvidia, Microsoft සහ Apple සමාගම් වලට පසුව ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගිය ලෝකයේ සිව්වන සමාගම බවට Alphabet සමාගම පත්ව ඇත.

පසුගියදා Alphabet සමාගම 2019 වසරෙන් පසු පළමු වරට Apple සමාගම පසු කරමින් වෙළෙඳපොළ වටිනාකම අනුව ලෝකයේ දෙවන වටිනාකම වැඩිම සමාගම බවට පත්ව ඇත.

කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ Alphabet සමාගමේ දැඩි හා පැහැදිලි අවධානය, එහි ව්‍යාපාරික උපායමාර්ගය පිළිබඳ තිබූ සැක සම්පන්නභාවය පහව යාම සමාගමේ කොටස් ඉහළ යාමට හේතු වූ බව වාර්තා වේ.