ශ්‍රී ලංකාවට සුපිරි ජයක්.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට අතර පැවති අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 12 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 160ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 12 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කරගැනීමට හැකි වුයේ ලකුණු 146ක් පමණයි.