ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව වෙත 2025 වර්ෂයට අදාලව ලබාදුන් ආදායම් ඉලක්කය ඉක්මවා ආදායම් ඉපයීමට සමත් වූ බව තැපැල්පති රුවන් සත්කුමාර සදහන් කරයි.
මහා භාණ්ඩාගාරය විසින් 2025 වර්ෂයට ලබාදුන් ආදායම් ඉලක්කය ඉක්මවා රුපියල් මිලියන 13,100ක ආදායමක් උපයා ඇති බවද තැපැල්පති රුවන් සත්කුමාර සදහන් කරයි.
පසුගිය වර්ෂයේදී තැපැල් දෙපාර්තුමේන්තුවට එම සේවාවට අදාලව විවිධ වෘත්තීන් සදහා නව බදවා ගැනීම්, ස්ථීර කිරීම් රාශියක් සිදුකළ බවද තැපැල්පති රුවන් සත්කුමාර සදහන් කරයි.
ශ්‍රී ලංකා තැපැල් සේවාවේ උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378ක් සදහා ස්ථීර පත්වීම් ලබා දීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ බවද තැපැල්පති රුවන් සත්කුමාර සදහන් කරයි.
