වෙනිසියුලාවේ ජනාධිපති අල්ලා ගත් ආකාරයට නෙදන්යාහු පැහැර ගන්න.!

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ රඳවා තබාගත් ආකාරයටම ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පැහැර ගෙන ගොස් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් සඳහන් කරයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මනුෂ්‍යත්වයේ දරුණුතම අපරාධකරු බවත් අමෙරිකාවට සහ තුර්කියට බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගත හැකි බවත් පකිස්ථානයේ ජනතාව එය සිදුවීමට යාඥා කරන බවද ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගාසා තීරයේ පලස්තීන ජනතාවට එරෙහිව සිදු කරන අපරාධ සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය, නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කර ඇති බවද ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් සඳහන් කරයි.

එරට රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් මේ බව සඳහන් කරයි.

කෙසේ වෙතත් අමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ පවතින්නේ ඉතා සමීප මිත්‍රත්වයක් බැවින්, ට්‍රම්ප්ගෙන් එසේ ඉල්ලීමක් කිරීම විහිළුවක් බව දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරයි.

3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments