ගැඹුරු පීඩන අවපාතය ලංකාව ආසන්නයේ.. රතු නිවේදනයක්.!

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) දින රාත්‍රී 10.30 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 80ක් පමණ නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් පිහිටා ඇත.

ගැඹුරු පීඩන අවපාතය හෙට (10) දින සවස් කාලයේදී යාපනය සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් හෙට දිනයේ උතුරු පළාතට විටින් විට පැයට කිලෝමීටර් 50 – 60 දක්වා වූ තරමක තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම යාපනය දිස්ත්‍රික්කයට හෙට දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ ඇතැම් ස්ථාන වලට මි.මී 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.