අද (09) දින රාත්රියේ දෙහිවල මුහුදු මාවත ප්රදේශයේ හෝටලයක් තුළ සිදූවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි එහි හිමිකරු ජීවිතක්ෂයට පත්ව ඇත.
හෝටලයට පැමිණ මත්පැන් පානය කරමින් සිටි දෙදෙනෙකු එම හෝටලයේ හිමිකරුගේ හිස ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇත.
මෙම වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් යතුරුපැදියකින් පලාගොස් ඇති බවට පොලීසිය සැක පළ කරයි.
