ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ ගින්නක්.!

අද (09) රාත්‍රියේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය පිටුපස ගින්නක් හටගෙන ඇති අතර ගින්නෙන් අසල පිහිටි ගොඩනැගිල්ලක වහලයට හානි සිදුව ඇත.

ගින්න හට ගැනිමත් සමග පොලිසිය සහ ගාල්ල ගිනි නිවිමේ ඒකකය පැමිණ ගින්න පැතිරයාම වළක්වා නිවා දැම්මට කටයුතු කර ඇත.

ඉවත දමන ලද කඩදාසි සහ වෙනත් අබලි ද්‍රව්‍ය රැසකට අධිකරණ සේවකයින් විසින් ගිනි තබා ගොස් ඇති අතර පසුව එම ගින්න පැතිර ගොස් ඇති බව වාර්තා වේ.

ගින්නෙන් අධිකරණයේ ලිපි ලේඛනවලට හෝ දේපල වලට හානියක් සිදු නොමැත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

1 Comment
Most Voted
Newest Oldest