ගැඹුරු පීඩන අවපාතය ලංකාවට ළංවෙයි.!

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කර හෙට (10) දින සවස් කාලයේදී යාපනය සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි දින තුන සඳහා උතුර, උතුරු මැද, නැගෙනහිර, සබරගමුව, බස්නාහිර, ඌව, වයඹ, මධ්‍යම යන පළාත්වලට පැයට කිලෝමීටර් 50-60ත් වන තද සුළං සමග විටින් විට හමන පැයට කිලෝමීටර් 70දක්වා වන ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.