අධ්‍යාපන මොඩියුලර් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (09) දිින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළාය.
දෙවැනි සහ තෙවන පාසල් වාරවලට අදාළ මොඩියුලර් පිළියෙළ කිරීමේදී මින් ඉදිරියට කිසිදු ශ්‍රේණියකට වෙබ් සබැඳි ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රිය කටයුතු මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
දැනට මෙම මොඩියුලර් සඳහා ඇතුළත් කර ඇති වෙබ් අඩවි සහ අනෙකුත් මූලාශ්‍ර සඳහා මුදල් ගෙවීමක් අවශ්‍ය නොවන ඒවා වන අතර රාජ්‍ය වෙබ් අඩවි භාවිත කිරීමේදී විනිවිදභාවය වගකීම සහ ප්‍රසම්පාදනය පිළිබඳ ගැටලුවක් මතු නොවන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය සඳහා වු කාර්ය සාධක බලකාය විසින් මේ වනවිට ඩිජිටල් භාවිතය පිළිබඳව ළමා ආරක්ෂණය පැතිකඩ තුලින් අධ්‍යනයක් කළ බවත් ඒ සඳහා ප්‍රතිපත්තියක් සහ මාර්ගෝපදේශයක් පිළියෙළ කර තිබෙන බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් එම ආයතනය වෙත කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් නොලැබෙන බවත්, ප්‍රාථමික ශ්‍රේණිවල සිටින ගුරුවරුන්ගෙන් 92%ට ආසන්න ප්‍රමාණයකට මේ සඳහා අවශ්‍ය කරන පුහුණුවද මේ වනවිට ලබාදී ඇති බවත් පසුගිය මාසවල පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් සැලැසුම් කළ පරිදි ඇතැම් පළාත්වල ගුරුවරුන්ට එම පුහුණු ලබාදීමට නොහැකි වූ බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
මෙම අධ්‍යාපන කටයුතු කිරීමේදී අන්තර්ජාල භාවිතය අවශ්‍ය නොවන බවත් එය ඉගෙනුම් ආධාරකයක් ලෙස පමණක් භාවිත කිරීමට ගුරුවරුන්ට අවකාශය සලසාදී ඇති බවත් නව මොඩියුලයට අදාළ සියලු කරුණු ගුරු අත්පොතට ඇතුළත් කර ඇති බැවින් අන්තර්ජාල යෙදවුම් භාවිතයෙන් තොරව කටයුතු සිදු කිරීමට ගුරුවරයාට හැකියාව ඇති බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
එමෙන්ම ඉදිරියේදී සිසුන් ඇගයීම් පරිගණක යෙදවුමක් හරහා සිදු කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් වන පුහුණු වැඩසටහන් 2025 වසරේදී ක්‍රියාත්මක කර ඇති බවත් ගුරුවරුන්ගේ තාක්ෂණික දැනුම් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවද අග්‍රමාත්‍යවරිය සඳහන් කළාය.
1 – 6 ශ්‍රේණිවල මොඩියුල ක්‍රියාත්මක කිරීමේදී අන්තර්ජාල භාවිතය අත්‍යවශ්‍ය නොවන අතර ගුරු අත්පොතෙහි ඇති තොරතුරු අනුව ඉගෙනීම් කටයුතු සිදුකළ හැකි බවත් අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තන සඳහා වු කාර්ය සාධක බලකාය මගින් ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු 9ක් වෙත රුපියල් මිලියන 1600ක් ප්‍රතිපාදන ලබාදී කිසිදු ඩිජිටල් උපාංගයක් නොමැති පාසල් සඳහා සුහුරු පුවරු හෝ පරිඝණක යන්ත්‍ර ලබාදීමට කටයුතු කරමින් පවතින බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
මෙහිදී පාසල් 2498ක් සඳහා සුහුරු පුවරු ලැබෙන අතර එම සුහුරු පුවරු පළාත් මට්ටමින් ප්‍රසම්පාදනය කර 2026 පෙබරවාරි මාසය වනවිට පාසල්වලට බෙදාදීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
