පවතින තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි සංවිධානය සඳහන් කරයි.
පවතින වර්ෂාපතනය සැලකිල්ලට ගෙන මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කරයි.
අදියර දෙක යටතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දෙකැටිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය, මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය, නුවරඑලිය දිස්ත්‍රික්කයේ මතුරට සහ හගුරන්කෙත ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ වෙත අවධානයෙන් සිටින ලෙස නිවේදන නිකුත් කර ඇති බවද ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කරයි.
