අලුත්ම වෙනසකින් එළියට එන මෝටර් රථ රක්ෂණ කාඩ්පත.!

මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රය නවීකරණය කිරීම හා ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පතක් හදුන්වාදීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන ඇත.

මෙතෙක් භාවිතා වූ රක්ෂණ කාඩ්පත් වෙනුවට, දුරකථන අංකය හරහා ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ ආරක්ෂිත ලෙස රක්ෂණ තොරතුරු වෙත ප‍්‍රවේශ වීමට රක්ෂණ ඔප්පු හිමියන්ට හැකියාව පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව හා රක්ෂණ සමාගම් විසින් එම ක‍්‍රමය නිරීක්ෂණය සඳහා පොලිස් දෙපාර්තමේන්තුව වෙත ටැබ් යන්ත්‍ර 500ක් ප්‍රධානය කර ඇත.