කිසිවෙකුටත් යටත් නොවු එඩිතර මාධ්‍යවේදී ලසන්ත ඝාතනය කර අදට වසර 17ක්.!

සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ මෙන්ම එඩිතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට වසර 17ක් සපිරෙයි.

2009 වසරේ ජනවාරි මස (08) වැනිදා රත්මලාන අත්තිඩියේදී නාඳුනන පිරිසක් විසින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේය.

ආන්දෝලනාත්මක වංචා, දූෂණ ගණනාවක් සම්බන්ධයෙන් පැවැති රජයන් කිහිපයකට චෝදනා එල්ල කරමින් ලිපි ගණනාවක් ලියූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග විකාශකයෙක් මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයකු ලෙසද කටයුතු කළේය.

කෙසේ වෙතත් අද දිනට වසර 17 සපිරෙන මොහොතේ සිහිපත් කරන්නේ, දේශපාලන වේදිකාවල පොරොන්දු වලට සීමාවූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ඉටුවිය යුතු සාධාරණය මේ බිමේ සැබෑවක් කිරීම වත්මන් පාලකයන්ට අත්හළ නෙැහැකි වගකීමකි.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments