පොදුජන පෙරමුණ ආණ්ඩුවක් ආපු දවසක හරියටම නීතිය ක්‍රියාත්මක කරන බවත් අපේ ආණ්ඩුව තියන කාලයේ හදිසි නීතිය සාධාරණ විදිහට පාවිච්චි කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.
අපි ආණ්ඩුවට අභියෝග කරන බවත් ඕනම මැතිවරණයක් තියන්න ලංකාවේ අංක එකට ජයග්‍රහණය කරන්නේ පොහොට්ටුව බවද හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.
හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කළේ,
“අපි ආණ්ඩුවට අභියෝග කරනවා ඕන පනතක් දාලා, කල් ගන්නත් පුළුවන් ආණ්ඩුවට, තුනෙන් දෙකේ බලයක් ආණ්ඩුවට තියනවා. අපි ආණ්ඩුවට අභියෝග කරනවා, ඕනම මැතිවරණයක් තියන්න ආණ්ඩුව පරාදයි.
ඕනම මැතිවරණයක් තියන්න ලංකාවේ Number 01, අංක එකට ජයග්‍රහණය කරන්නේ පොහොට්ටුව. දෙකයි පනහේ කටුස්සෝ කියලානේ අපිට කියන්නේ. දැන් ඒ දෙකයි පනහේ කතා නෑ.
දැන් ඕන වෙලාවක ඡන්දයක් තියන්න. අපි පොහොට්ටුව ජයග්‍රහණය කරනවා. ඒ නිසා තියන මැතිවරණය ඕන පනතක් දාන්න. පුළුවන් තරම් ඉක්මනට අපට ලබාදෙන්න.”
මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මේ බව සඳහන් කරයි.
