අද (07) දින අමෙරිකානු හමුදා විසින් ලුහුබැඳගිය රුසියානු ධජය සහිත ඉන්ධන නෞකාව සිය භාරයට ගත් බව අමෙරිකාව නිල වශයෙන් තහවුරු කර ඇත.
සති දෙකක් පුරා ලුහුබැඳීමෙන් අනතුරුව උතුරු අත්ලාන්තික් සාගරයේදී මෙම නෞකාව අමෙරිකාව සිය භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙනිසියුලානු තෙල් ප්‍රවාහනය කිරීම, අමෙරිකානු සම්බාධක කඩකර ඉරාන තෙල් ප්‍රවාහනය කිරීම ඇතුළු චෝදනා රැසක් මෙම නෞකාවට එල්ල වී ඇත.
අමෙරිකානු හමුදා මෙම නැව ලුහුබඳිමින් සිටින බව දැනගැනීමෙන් අනතුරුව එම නෞකාවේ ආරක්ෂාව වෙනුවෙන් රුසියාවෙන් සබ්මැරීනයක් සහ යුධ නෞකාවක් යොදවා තිබුණි.
