විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.!

අද (07) දින ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් මෙම පනත් කෙටුම්පත අද (07) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.