පිලිපීනයේ රිච්ටර් මාපක 6.7 ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූකම්පනයක් සිදුව ඇතැයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
පිලිපීනයේ බකූලින් නගරයෙන් කිලෝමීටර් 68ක් නැගෙනහිර දිශාවට පිහිටි මුහුදු ප්‍රදේශයේ මෙම භූකම්පනය හටගෙන ඇති බව වාර්තා වෙයි.
භූකම්පනය සිදුව ඇත්තේ පොලොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, මේ වන විට භූකම්පනයෙන් සිදුවූ හානි හෝ ජීවිත හානි පිළිබඳ කිසිදු වාර්තාවක් ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
