පාසල් සිසුන්ට සුබ ආරංචියක්.!

පාසල් සිසුන් සඳහා පාසල් නිල ඇඳුම් බෙදා හැරීමට අවශ්‍ය නිල ඇඳුම් තොග දිවයිනට ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව සඳහන් කරයි.

ඒ අනුව පාසල් නිල ඇඳුම් බෙදා දීම ලබන (15) වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව සඳහන් කරයි.

මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පාසල්වල පළමු ශ්‍රේණිය පන්ති ආරම්භය ලබන (29) වැනිදා සිදු කෙරේ.