වීථි ලාම්පුවල විදුලි බිල ගමේ ජනතාවට.?

විදුලිය පාවිච්චිකරනන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පවසන්නේ යෝජිත නව විදුලි ප්‍රතිපත්තිය මඟින් තම ප්‍රදේශයේ ඇති වීථි ලාම්පු සඳහා වැයවන මුදල එම ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලෙන් අයකිරීමට යෝජනා කර ඇති බවයි.

මෙම අගය විදුලි පාරිභෝගිකයාගේ බිලෙන් සියයට 2.2 නොවැඩි වියයුතු බවටද දැනුම් දී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.   

“යම්කිසි ප්‍රදේශයක භාවිත කරන විදුලි බල්බ්වල වොට් ප්‍රමාණය ගණනය කරලා, ඒ ප්‍රදේශයේ වෙසෙන ජනතාව අතර බෙදලා විදුලි බිලට එකතු කරන්න හදනවා. ඒ එකතු කරන අගය තමුන්ගේ විදුලි බිලේ වටිනාකමින් 2.2% නොවැඩි අගයක් විය යුතුයි කියලත් කියලා තියෙනවා.”

වීථි ලාම්පු කළමණාකරණ කිරීම සඳහා පළාත් පාලන ආයතනවලට ඇති බලය ඉවත් කර වෙනත් ආයතනයකට පැවරීමට ද එමඟින් යොජනා කර ඇති බව ඔහු සඳහන් කළේය.

“අපි දන්නවා ප්‍රාදේශීය සභාවකින්, නගරසභාවකින්, මහ නගර සභාවකින් තමා මේ පොදු වීථි ලාම්පු සහ පොදු ආලෝකකරණය ගැන නගරබද නඩත්තු කටයුතු කරන්නේ. දැන් මේ යෝජනාවේ තියෙනවා මේවා ප්‍රාදේශීය සභාවෙන්, නගරසභාවෙන් ගලවලා දාලා වෙනම ආයතනයක් හදන්න.”

7 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments