වත්මන් ආණ්ඩුව පැමිණි පසුව පොලිසිය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් විවේචනය කිරිමට පෙර, වසර දෙකකට පමණ පෙර පොලිසිය කටයුතු කල ආකාරය ජනතාවට මතක තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නජිත් ඉන්දික සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නජිත් ඉන්දික (06) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,
“නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීතුමා වගේ කෙනෙක් කිව්වාම පොලීසිය ඉන්නේ ආණ්ඩුවට කඩේ යන්න නෙමෙයි කියලා, දේශබන්දු මහත්තයා ඉනට අත්දෙක තියාගෙන හිනාවෙනවා ඇති.
මේ අවුරුදු දෙකයි, තුනයි නේ තාම. තමන්ගේ අර හත් දවසේ මඟුල් කාලා, මගුල් ගෙදර බිල ගෙවපු යාළුවා සනත් නිශාන්තත් එක්ක කරේ අතදාගෙන ඇවිල්ලා, අර සාමකාමී උද්ඝෝෂණේ ඉන්න මිනිස්සුන්ට ගැහුවේ.
ඔන්න පොලීසිය කටයුතු කරපු විදිහ. මිහින්තලේ ගියපු කතාවක් අපිත් දැක්කා. ඒ ගියපු වෙලාවේ මිහින්තලේ හාමුදුරුවෝ කියද්දි, ඔබතුමාගේ පියා හොරකම් කරත් රට හැදුවා කියලා, ඔව් ඔව් කියලා සාදු කිව්වා.
හරිද. එහෙම පුත්තු මෙතන ඇවිල්ලා මෙහෙම කියනවා. රාජපක්ෂලාට වුණේ හරහට ගියා පැටවුන්ට කෙලින් යන්න කියලා දුන්නෙත් නෑ. එතකොට පැටවු හිතාගෙන ඉන්නවා හරහට ගිහිල්ලා මේකෙන් එහාට යන්න පුළුවන් වෙයි කියලා.”
