ට්‍රම්ප්ගේ මීලග ඉලක්කය මොකක්ද.? අවධානය යොමුවූ රටවල් 5ක්.!

අමෙරිකානු හමුදාව වෙනිසියුලාව තුළ සිදුකළ මෙහෙයුමෙන් පසුව පැය කිහිපයකින් අනතුරුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝට “පරිස්සම් වෙලා ඉන්න” යනුවෙන් අනතුරු ඇඟවීය.

කොලොම්බියාව, වෙනිසියුලාවේ බටහිර කලාපයේ අසල්වැසියා වන අතර සැලකිය යුතු තෙල් සංචිත වලට හිමිකම් කියන අතර ප්‍රධාන පෙළේ රන්, රිදී, මරකත, ප්ලැටිනම් සහ ගල් අඟුරු නිෂ්පාදකයෙක් වේ.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලා ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව තවත් රටවල් කිහිපයක් වෙත අවධානය යොමුකර ඇත.

ඒ අනුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුව ඇති රටවල් පහතින්..

*කොලොම්බියාව

*කියුබාව

*ග්‍රීන්ලන්තය

*මෙක්සිකෝව

*ඉරානය

මෙම තත්ත්වය හමුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියුබාවට අනතුරු ඇඟවීමක් සිදු කළේය.

“කියුබාව කඩා වැටීමට ආසන්න බැවින් එක්සත් ජනපද හමුදා මැදිහත්වීමක් අවශ්‍ය නොවෙයි. අපට කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාවක් තියෙනවා කියලා මං හිතන්නේ නැහැ.”

“එය කඩා වැටෙන බව පෙනෙන්න තිබෙනවා. ඔවුන් ඒක ඉවසා දරාගෙන සිටියිදැයි මම දන්නේ නැහැ. නමුත් කියුබාවට දැන් ආදායමක් නැහැ. ඔවුන්ට ඔවුන්ගේ සියලු ආදායම ලැබුණේ වෙනිසියුලාවෙන්, වෙනිසියුලාවේ තෙල් වලින්.”

මේ අතර කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කළ අනතුරු ඇඟවීමට පෙරළා අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

අමෙරිකානු හමුදාව ආක්‍රමණයක යෙදීමට තීරණය කළහොත්, රටේ ආරක්ෂාව සඳහා “ආයුධ අතට ගැනීමට” තමන් සූදානම් බව කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝට සඳහන් කර ඇත.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments