මෙරටට ඇති වූ ගංවතුර ආපදා තත්වයෙන් පසුව කලපුවල සිටි කකුළුවන් මේ වන විට සිටින්නේ මහ මුහුදේ බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ (06) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.
මන්ත්රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,
“දැන් මේ කකුළුවන් ගැන කතා කරනවනේ. ආණ්ඩුවත් ඒ වගේ තමයි. හරහටමයි යන්නේ. වතුර රත් වෙනවා හැබැයි කකුළුවා දිය කෙලිනවා. මොකද කකුළුවන් දන්නේ නෑ රත් වෙනවා කියලා.
දැන් පහුගිය කාලේ ගංවතුර ආවා. නාය ගියා. දැන් මේ කලපුවල කකුළුවෝ දැන් ඉන්නේ මහ මුහුදේ. දැන් ඒවා ගොඩනගන්න ආණ්ඩුවේ වැඩපිළිවෙල මොකක්ද.”
මන්ත්රී නාමල් රාජපක්ෂගේ එම ප්රකාශයට පිළිතුරු ලබාදෙමින් පාර්ලිමේන්තු මන්ත්රී අජිත් ගිහාන් සඳහන් කළේ.
“දැන් කකුළුවෝ ගැන කතා කරා. ඔහු කියනවා කකුළුවෝ ගංවතුරට ගහගෙන ගිහිල්ලා මුහුදේ ඉන්නවලු. මම හිතන්නේ නාමල් රාජපක්ෂ මන්ත්රීතුමා ඔබතුමා කොහොන්ද තොරතුරු ගත්තේ.?
කකුළුවෝ මුහුදට ගිහිල්ලා කියලා. තාත්තා ධීවර ඇමති, පුතා දළදා මාලිගාව ඉස්සරහා වැලිකොට්ට ගහලා රේස් පැද්දා. මම හිතන්නේ ධීවර ක්ෂේත්රය ගැන මෙලෝ දෙයක් දන්නැති මේ මන්ත්රීතුමා කියනවා මුහුදට ගහගෙන ගිහිල්ලාලු අර කකුළුවෝ ටික.”
