අක්කා නගෝ කෝටි 50ක බඩුත් සමග අත්අඩංගුවට.!

කටුනායක ගුවන් තොටුපොළ තුළදී රුපියල් කෝටි 50ක වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අද (06) අත්අඩංගුවට ගෙන ඇත.

තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක වෙත පැමිණි සැකකරුවන් ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත ඔස්සේ පලායමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් ඉන්දියාවේ මුම්බායි නුවර පදිංචි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගයෙක් වන අතර ඔවුන් අතරින් එක් කාන්තාවක් සමග එම පිරිමි පුද්ගලයා විවාහ වී සිටින අතර අනෙක් කාන්තාව ඔහුගේ නැගණියයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය මෑත කාලයේ කටුනායක ගුවන් තොටුපොළින් සොයාගත් ප්‍රමාණයෙන් වැඩිම සහ වටිනාකමින් ඉහළම මත්ද්‍රව්‍ය තොගය බව වාර්තා වේ.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments