මම ට්‍රම්ප්ට බය නෑ.. අපි හැප්පිලා බලමු.!

කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කළ අනතුරු ඇඟවීමට පෙරළා අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

අමෙරිකානු හමුදාව ආක්‍රමණයක යෙදීමට තීරණය කළහොත්, රටේ ආරක්ෂාව සඳහා “ආයුධ අතට ගැනීමට” තමන් සූදානම් බව කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝට සඳහන් කර ඇත.

වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ පැහැරගත් ආකාරයට අමෙරිකන් හමුදා තමන්ව පැහැර ගැනීමට පැමිණෙන්නේ නම්, අමෙරිකාව සමඟ යුද්ධයකට යෑමට තමන් පසුබට වන්නේ නැති බවද ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝට සඳහන් කර ඇත.

ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝට සඳහන් කළේ,

“ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මටත් චෝදනා කරනවා. මට පිස්සෙකු යැයි දොස් නගා තිබෙනවා. වෙනිසියුලා ජනාධිපති මදුරෝට සිදුවුණු ආකාරයේ ඉරණමකට මටත් මුහුණ දෙන්න වේවි යැයි ට්‍රම්ප් කියනවා. ඒත් මා ට්‍රම්ප්ට බය නැහැ. ඇමෙරිකන් හමුදාව සමඟ හැප්පෙන්නත් මා සූදානම්.”

“මම හමුදා නිලධාරියෙකු නොවූවත්, යුද්ධය සහ රහසිගත ඉරණම ගැන මම දනිමි. 1989 සාම ගිවිසුමෙන් පසු නැවත ආයුධයක් ස්පර්ශ නොකරන බවට මම දිවුරුම් දුන්නෙමි. නමුත් නිජබිම සඳහා මට අවශ්‍ය නොවන ආයුධ නැවත අතට ගන්නෙමි.”

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments