මහ වැස්සෙන් ගාල්ල යටවෙයි.!

අද (06) දින ගාල්ල ප්‍රදේශයට ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් එම නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගාල්ල – වක්වැල්ල මාර්ගය ගාල්ල පොලිස් ස්ථානය අසලින් ජලයෙන් යටවී ඇති අතර ඒ හේතුවෙන් ගාල්ල – වක්වැල්ල මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී ඇත.