අයහපත් කාලගුණික තත්ත්වය නිසා පැන නැගුණු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් කෙටිකාලීන වගාවන් සඳහා ගොවීන්ට සහන සැලසීම පිණිස අවශ්‍ය අයවැය චක්‍රලේඛ අංක 08/2025 සහ 08/2025 (i) මගින් මේ වන විට නිකුත් කර ඇත.
ඒ අනුව ආපදාවෙන් බලපෑමට ලක් වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු වගාවන් සඳහා සහන සැලසීමේ වැඩසටහනක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ආපදාවෙන් හානි වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු වගාවන් නැවත ආරම්භ කිරීම සඳහා හෙක්ටයාරයකට රුපියල් 425,000ක දීමනාවක් එම වගාවන්හී නිතර ගොවීන්ට ගෙවීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
එම වගාවන් හී පාළු සිටුවීමට සහ නැවත වගාවට අවශ්‍ය පැළ, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩසටහන් මගින් නොමිලයේ ලබාදීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
එමෙන්ම අපනයන කෘෂිකර්ම ක්ෂේත්රයේ ආර්ථිකමය වැදගත්කම සැලකිල්ලට ගෙන ආපදාවෙන් හානි වූ දිගුකාලීන අපනයන කෘෂි බෝග නැවත වගා කිරීම සඳහාද සහන සැලසීම සඳහාද රජයේ අවධානය යොමුව ඇත.
