නිවසට ගිනි තැබූ ඛේදවාචකයේ මවටත් දිවි අහිමි වෙයි.!

පවුල් ආරවුලක් හේතුවෙන් අද (06) අලුයම ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ නිවසකට එම නිවසේ හිමිකරු විසින් ගිනිතැබීමක් සිදුකර ඇත.

එම පුද්ගලයා පෙට්‍රල් දමා සිය නිවසට ගිනි තබා තිබූ අතර එම ගින්නට හසුවී 43 හැවිරිදි ගිනි තැබීම සිදුකළ පුද්ගලයා සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය එම ස්ථානයේ දීම මියගොස් ඇත.

මෙම ගින්නට හසුවු 36 හැවිරිදි බිරිඳ, 15 හැවිරිදි දියණිය, 20 හැවිරිදි පුත්‍රයා සහ 66 හැවිරිදි බිරිඳගේ මව පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළේය.

කෙසේ වෙතත් තුවාල ලබා රෝහල්ගත කර සිටි 36 හැවිරිදි බිරිඳ මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇති බව ගලෙන්බිඳුණුවැව පොලීසිය සඳහන් කරයි.

ගින්නට හසුවු 15 හැවිරිදි දියණිය, 20 හැවිරිදි පුත්‍රයා සහ 66 හැවිරිදි බිරිඳගේ මව තවමත් පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.