ජොන්ස්ටන්ට සහ පුත්‍රයින් දෙදෙනාට නැගෙන චෝදනා මොනවාද.?

අත්අඩංගුවට ගෙන වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයා ජනවාරි මස (09) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ට සහ පුත්‍රයින් දෙදෙනාට නැගෙන චෝදනා පහතින්..

*අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර එතනෝල් බලපත්‍රයක් ලබා ගැනීම.

*පොදු දේපලක් වන ස.තො.ස ආයතනයේ ලොරියක් යොදාගෙන එතනෝල් තොගයක් ප්‍රවාහනය කිරීම.

*නිෂ්පාදන විදේශ රටකට යවා මුදල් ලැබුනු බව අගවා මුදල් විශුද්ධිකරණය සිදුකිරීම.

එතනෝල් ආනයනය කරන සමාගම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ෂනවලදී අනාවරණ වී ඇත්තේ පසුගිය 2012 වසරේදී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයාගේ අනුදැනුම මත ස.තො.ස ආයතනයට අයත් ලොරි රථයකින් අදාළ සමාගමට එතනෝල් ප්‍රවාහනය කර ඇති බවයි.

මේ අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍ ජොහාන් ප්‍රනාන්දු ජනවාරි (09) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.