අද රාත්‍රී 10.00 සිට හෙට (06) රාත්‍රී 10.00 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුන සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
ඒ අනුව පහත ස්ථානයන් වෙත විමසිලිමත් වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මහනුවර දිස්ත්‍රික්කය – උඩුදුම්බර
මාතලේ දිස්ත්‍රික්කය – විල්ගමුව
නුවරඑලිය දිස්ත්‍රික්කය – වලපනේ
