නවීන් දිසානායකට එජාපයේ ලොකු පුටුවක්.!

එක්සත් ජාතික පක්ෂයේ 2026 වර්ෂය සඳහා පක්ෂ ව්‍යවස්ථාවේ 8.1.1(c) වගන්තිය ප්‍රකාරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක එම පක්ෂයේ උප සභාපතිවරයා ලෙස පත් කර ඇත.

ඒ අනුව, 2026 ජනවාරි (03) වන දින සිට නවීන් දිසානායක එම පක්ෂයේ උප සභාපති ලෙස නම් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නිර්දේශ කර ඇත.

තවද පක්ෂ ව්‍යවස්ථාවේ 7.1 (a) වගන්තිය අනුව නවීන් දිසානායක එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කිරීමට නියමිතය.