පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අල්ලස් කොමිසමට කැඳවයි.!

අද (05) දින හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අල්ලස් කොමිසම වෙත කැඳවා ඇත.

පසුගිය රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා රාජගිරිය ප්‍රදේශයේ කුලී පදනම මත ගොඩනැගිල්ලක් මිලදී ගැනීම පිළිබඳව හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇත.