ඉංග්‍රීසි මොඩි­යු­ලයේ වරද සම්බ­න්ධ­ අභ්‍යන්තර කමිටු වාර්තාව නිකුත් වෙයි.!

ඊයේ (04) රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තු­වේදී අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ ප්‍රවෘත්ති සාක­ච්ඡා­වේදී විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් මහතා පැව­සූවේ හය ශ්‍රේණියේ විෂය මාලා­වට අදාළ ඉංග්‍රීසි මොඩි­යු­ලයේ සිදුව ඇති වරද සම්බ­න්ධ­යෙන් සොයා බැලී­මට පත් කළ කමි­ටුවේ වාර්තාව ලැබී ඇති බැවින් එම වරද සිදු කළ අයට එරෙ­හිව ඉදි­රි­යේදී නීත්‍ය­නු­කූල ක්‍රියා­මාර්ග ගන්නා බවත් ය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍යවරයා.

“ඉංග්‍රීසි මොඩි­යු­ලයේ බර­ප­තළ වර­දක් සිදුව ඇති බව පිළි­ග­න්නවා. මේ මොඩි­යු­ල­යට ඇතු­ළත් කර ඇත්තේ කිසි­සේත් ඊට ඇතු­ළත් නොවිය යුතු දෙයක්. එම බර­ප­තළ වරද සම්බ­න්ධ­යෙන් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය විසින් පැහැ­දි­ලිව නිරී­ක්ෂ­ණය කර තිබෙ­නවා.

මේ සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ද පරී­ක්ෂ­ණ­යක් සිදු වෙනවා. එම පරී­ක්ෂණ නිවැ­ර­දිව සිදු වෙනවා. මේ වරද කළේ කුමන අර­මු­ණින්ද, කවුද කළේ, කොහො­මද කළේ, ඇයි කළේ යන කරුණු සියල්ල අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් සොය­නවා.

එම වාර්තාව ද ලැබුණු පසු අදාළ නීති­මය ක්‍රියා­මාර්ග ගන්නවා. වැරදි නිවැ­රදි කර­ගෙන අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණය දිග­ටම පව­ත්වා­ගෙන යෑමේ සාමූ­හික වග­කීම රජය ගන්නවා.”