ප්‍රවීණ ගී පද රචක, ලේඛක චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වෙයි.!

ප්‍රවීණ ගී පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහු මියයන විට වයස අවුරුදු 71කි.

1944 වසරේ තලංගමදී උපන් ඔහු, පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය 1980 වසරේදී ආරම්භ කරන අතර පසුව චන්ද්‍රෙස්න තලංගම ලෙස, කලා ලෝකය තුළ ජනාදරයට පත්වුණි.

ජීවිතේ සැඳෑ වියේදී ගී පද රචකයෙකු වීමේ සිහිනය සැබෑ කරගන්නට සමත් වූ චන්ද්‍රෙස්න තලංගමයන් වෘත්තියෙන් පුවත්පත් කලාවේදියෙක්ය.

නූතන සංගීතයේ ජනප්‍රිය තරුවක් වන චරිත අත්තලගේ එම පද මාලා රසපූර්ණ ගීත බවට පත් කිරීමට මුල් වන්නේ, ඔහුගේ ජීවිතයට යළි වසන්තය රැගෙන එමිනි.

පසුගිය 2017 වසරේදී ජනගත කෙරුණු චන්ද්‍රෙස්න තලංගමයන්ගේ පළමු ගීතය, සංසාරයේ මා නැමැති ගීතයයි. එතැන් පටන් ඔහු අතින් ලියැවුණු අර්ථ පූර්ණ වාග් මාලා, මෙරට තාරුණ්‍ය අතර අතිශය ජනාදරයට පත් වුණි.

2 Comments
Most Voted
Newest Oldest