සැගවී සිටින ජොන්ස්ටන්ට වැඩ වරදී.. හෙට අත්අඩංගුවට.?

ස.තො.ස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් දැනුම්දීමක් කරමින් පොලීසිය සඳහන් කළේ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හෙට (05) දිනය තුළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙසයි.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හෙට (05) දිනය තුළ නොපැමිණියහොත් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තුවක් ලබාගන්නා බවද පොලීසිය දැනුම් දෙයි.