පළමු ශ්‍රේණියේ දරුවන් සඳහා ජනවාරි (29) වනදාත් 6 වන ශ්‍රේණියේ දරුවන්ට ජනවාරි (21) වනදාත් නව විෂය මාලාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
නව විෂය මාලාව හඳුන්වා දීම පමණක් නොව ඊට සමගාමීව මෙම අලුත් ක්‍රමයට දරුවන් හුරු කිරීම සඳහා වැඩසටහන් සංවිධානය කර ඇති බවත් දෙමාපියන් සඳහා එම හඳුන්වාදීම සිදු කිරීමට නව වැඩසටහන් සංවිධානය කර ඇති බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
විෂය මාලාව ක්‍රියාත්මක කරන ගුරුවරුන් සඳහා පුහුණුව ලබාදී ඇති අතර මේ වන විට පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් 7,181ක් සිදු කර ගුරුවරු 132,580ක ප්‍රමාණයට පුහුණුව ලබාදී ඇති බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
මෙම නව මොඩියුල සමග එම විෂයන් උගන්වන ගුරුවරුන්ගෙන් 93%කට මේ වන විට පුහුණුව ලබාදී අවසන් බවත් ඊට සමගාමීව මෙම නව ප්‍රතිසංසකරණ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා යටිතල පහසුකම් සැපයීම කෙරෙහි අවධාණය යොමු කර ඇති බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.
