රාජ්‍ය දේපල අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ගාල්ල ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් ස.තො.ස හිටපු ප්‍රවාහන කළමණාකරු ඉන්දික රත්නමලල අද (04) වත්තල මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළේය.
වත්තල මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ස.තො.ස හිටපු ප්‍රවාහන කළමණාකරු ඉන්දික රත්නමලල ජනවාරි (09) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
2011 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා කාලය තුළ ස.තො.ස ආයතනයේ ප්‍රවාහන කලමනාකාරවරයා ලෙස කටයුතු කර ඇති සැකකරු 2012 වර්ෂයේදී අදාල ආයතනය සතු ලොරි රථයක් පෞද්ගලික ආයතනයක පරිහරණයට ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත්තේය.
