කෝටි ගණනක බඩුත් සමඟ මාට්ටු වු ගුවන් සේවිකාව.!

ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් නිතීවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ පෞද්ගලික ගුවන් සමාගමක ශ්‍රී ලාංකික ගුවන් සේවිකාවක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ රන් භාණ්ඩ තොගය සිය ගමන් මල්ලේ සඟවා මෙරටට රැගෙන විත් ඇති අතර ගුවන් යානා කාර්යය මණ්ඩල සදහා පිටතට පැමිණීමේ දොරටුවෙන් ඇය පිටව යාමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ගුවන් සේවිකාවගේ ගමන් මල්ලේ තිබී කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 163ක් බරැති ස්වර්ණාභරණ සහ රන් බිස්කට් සොයාගත් බව ගුවන් තොටුපල රේගුව සදහන් කරයි.

රුපියල් හාර කෝටි පනස් නව ලක්ෂ විසි හය දහස් නවසිය පනස් හතක් වටිනා එම තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරි 27 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි තරුණියක් බව වාර්තා වේ.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments