ස.තො.ස ආයතනයේ වාහන අවභාවිත කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන නමුත් ඔහු සිටින තැනක් සොයාගැනීමට පොලීසියට නොහැකිවී ඇත.
කෙසේ වෙතත් හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය තවදුරටත් විමර්ශන ආරම්භ කර ඇත.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ දුරකතනය විසන්ධි කර ඇති අතර ඔහු සැඟවී ඇතැයි සැක කරන ස්ථාන කිහිපයක් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහෙත් ඔහු සොයා ගැනීමට නොහැකි වී ඇත.
මේ අතර හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දු වත්තල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස (09) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
