ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍ය චාරිත්‍රය ඉටුකරයි.!

ශ්‍රී දළදා සමිඳුන් උදෙසා වාර්ෂිකව සිදු කෙරෙන සතර මහා මංගල්‍යයන් අතරින් නව වසරේ පළමුවෙන්ම යෙදෙන අලුත් සහල් මංගල්‍ය පෞරාණික චාරිත්‍රානුකූලය හා ආගමික වතාවත් අනුව අද (03) දුරුතු පුර පසළොස්වක පොහෝ දින සිදුකරන ලදී.

පසුගියදා ශ්‍රී දළදා මාලිගය වෙත රැගෙන ආ අලුත් සහලින් පිසූ දානය චිරාතග සම්ප්‍රදායානුකූලව පුජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ මේධංකර නාහිමිපාණන් වහන්සේ සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ප්‍රමුඛ නිල රාජකාරිකරුවන්ගේ සහභාගීත්වයෙන් දළදා හාමුදුරුවන් වහන්සේට පූජා කරන ලදී.

නව වසරේ නැවුම් සහලින් ශ්‍රී දළදා සමිඳුන් පිදීම පෙර රජ දවසේ සිටම සෑම වසරකම දුරුදු පුන් පොහෝ දින සිදුකරනු ලබයි.

ශ්‍රී දළඳා මාළිගාවට අයත් කෙත් වතුවලින් නෙලා ගන්නා වී අස්වැන්නේ අග්‍රඵලය පල්ලේකැලේ පිහිටි ශ්‍රී දළඳා මාළිගාවට අයත් වී අටුවේ තැන්පත් කර තැබීමෙන් පසු අලුත් සහල් මංගල්‍ය සඳහා අවශ්‍ය සහල් දළදා මාළිගාව වෙත ගෙන එනු ලබන්නේ අලි ඇතුන් සහිත පෙරහැරකිනි.

1 Comment
Most Voted
Newest Oldest