දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Almas Holdings (Pvt) Ltd විසින් රුපියල් මිලියන 100ක මුදලක් පරිත්‍යාග කරන ලදී.
ඊට අදාළ චෙක්පත Almas Holdings (Pvt) Ltdහි සභාපති ඉම්ටියාස් බුහාර්ඩීන්
(Imtiaz Buhardeen) විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත පිරිනමනු ලැබීය.
මහනුවර දිස්ත්‍රික්කයේ ගංවතුර සහන වැඩසටහන් සහ නැවත ගොඩනැඟීමේ කටයුතු සඳහා තවදුරටත් සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන බව සභාපති ඉම්ටියාස් බුහාර්ඩීන් ජනාධිපති ලේකම්වරයා හමුවේ ප්‍රකාශ කළේය
