තායිලන්තය සහ කාම්බෝජය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් දෙරට අතර ඇති දේශසීමා හරස් මාර්ග වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කාම්බෝජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව නැවත දැනුම්දෙනතුරු මෙම දේශසීමා හරස් මාර්ග වසා තැබීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පවතින යුද ගැටුම් හේතුවෙන් තායිලන්ත සොල්දාදුවන් කිහිපදෙනෙකු මියගොස් ඇතත් කාම්බෝජය හමුදාවන්ට සිදුවූ හානි සම්බන්ධයෙන් එරට තවමත් දත්ත යාවාත්කාලීන කිරීමක් සිදුකර නැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
