රෙස්ලිං වළල්ලේ දැවැන්තයා “ජෝන් සීනා” සුමුගනී.!

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකය පුරාම ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේ ගෞරවාදරයට ලක්ව සිටින අමෙරිකානු රෙස්ලිං ශූර ජෝන් සීනා අද (13) සිය ක්‍රීඩා දිවියෙන් සමුගනී.

ඒ අනුව අමෙරිකානු රෙස්ලිං ශූර ජෝන් සීනාගේ සිය රෙස්ලිං ක්‍රීඩා දිවියේ අවසන් තරගය මෙරට වේලාවෙන් හෙට (14) දින අලුයම පැවැත්වේ.

ජෝන් සීනා 17ක් වතාවක් “WWE” ශූරතා හිමිකරගෙන ඇති අතර එය ක්‍රීඩකයෙකු දිනා ඇති වැඩිම ශූරතාව සංඛ්‍යාව වේ.

අවසන් තරගයේ ප්‍රතිවාදියා වන්නේ ඔස්ට්‍රියානු ජාතික ‘GUNTHER’ වන අතර මෙම තරගයෙන් පසුව ජෝන් සීනාගේ වසර 20කට වැඩි වෘත්තීය ක්‍රීඩා දිවිය අවසන් වනු ඇත.

ඒ අනුව රෙස්ලිං ක්‍රීඩාවේ අමතක කළ නොහැකි සංදිස්ථාන රැසක් සනිටුහන්කර ඇති ජෝන් සීනාගේ අවසන් තරගය ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් පිරිසක් නැරඹීමට නියමිත බව වාර්තා වේ.