ජපානයේ රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූමිකම්පාවක්.!

අද (12) පෙරවරුවේ ජපානයේ ඊසානදිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජපානයේ වේලාවෙන් පෙ.ව. 11:44 පමණ අමෝරි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් කිලෝමීටර 20ක් (සැතපුම් 12) ගැඹුරකින් මෙය සිදුව තිබේ.

සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරමින් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය දන්වා ඇත්තේ, මේ හේතුවෙන් මුහුදු රළ මීටර් 1 (අඟල් 39)ක් දක්වා ඉහළ යා හැකි බවය.

පසුගිය සඳුදා ද එම කලාපයේ රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිවිය.

එම භූමිකම්පාවෙන් පසු උතුරු හොක්කයිඩෝ සිට ටෝකියෝවේ නැගෙනහිරින් චිබා දක්වා වූ ප්‍රදේශයක යළිත් ප්‍රබල භූමිකම්පාවක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස රජය එහි ජනතාවට විශේෂ දැනුම්දීම් නිකුත්කර තිබුණි.