රුපියල් ලක්ෂ 360කට අධික වත්කම් සහ දේපොළ අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට බෙලිඅත්ත ප්රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්තේය.
රුපියල් ලක්ෂ 360කට අධික වත්කම් සහ දේපොළ අයථ ලෙස අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි සැකපිට අත්අඩගුවට ගත් බෙලිඅත්ත ප්රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ අතිරේක මහෙස්ත්රාත් ලියාන් වරුෂවිතාන විසින් සැකකරු ලබන (22) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝගය කළේය.
