නායයෑම් රතු නිවේදන නිකුත් කරයි.!

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 02ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇත.

ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, ගඟ ඉහළ කෝරළේ, දොළුව, පන්විල, දෙල්තොට, උඩුදුම්බර, මිනිපේ සහ උඩපළාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ, හාරිස්පත්තුව, උඩුනුවර, යටිනුවර, පූජාපිටිය, පස්බාගේ කෝරළේ, කුණ්ඩසාලේ, හතරලියැද්ද, පාතහේවාහැට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, බදුල්ල, කන්දෙකැටිය, බණ්ඩාරවෙල, සොරණතොට, හාලිඇල, මීගහකිවුල, ලුණුගල, වැලිමඩ, හල්දුම්මුල්ල, පස්සර, ඇල්ල සහ හපුතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, අලව්ව, පොල්ගහවෙල සහ මාවතගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, රඹුක්කන, අරණායක, ගලිගමුව, කෑගල්ල, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ වරකාපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, මාතලේ, පල්ලේපොල, රත්තොට, යටවත්ත, අඹන්ගඟ කෝරළය, විල්ගමුව, උකුවෙල සහ නාඋල යන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළය, කොත්මලේ නැගෙනහිර, මතුරට, නෝර්වුඩ්, හඟුරන්කෙත, නුවරඑළිය, කොත්මලේ බටහිර, වලපනේ, තලවාකැලේ සහ නිල්දණ්ඩාහින්න සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

තවද රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, කොළොන්න සහ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.